Saturday, July 20, 2013

ඉඩ දෙන්න මිතුරෙකුට...


ඇසිපිය හෙලන සැම  තත්පරයක්ම ..
ජීවිතය ගෙවෙන බව නොදැනදෝ..
නිසරු පසුගිය දවස දෙස ,
දෑස දල්වා බලා සිටින්නේ?
හෙට දවසේ සිට යොමුවන දෑස , අද දෙස..
දකින්නේ ඊයේ ක්ෂය වූ සිහින බව නොදැනද..  
තවමත් අතීතය සමරන්නේ ?
ජීවිතය කිසි දිනක විඳවීමක් නොවන බව..
කිසිවකු නොපැවසුවේ , ඔබ ජීවිත තරගය දිනන බව දුටු නිසාද?
සතුට යනු මිරිගුවක් නොවන බව..
දකිනු මිතුර ..
දෑස ඇර ජීවිතය දකිනට ...
ඊයේ නොව, අද හා හෙට දෙස..
විඳවීම හරවනු වස් වින්දනයට..
ජීවිතය විදින්නට.. නවමු නෙත් අරින්නට..
ඉඩ දෙන්න මිතුරෙකුට,
ඔබට මග පෙන්වන්න..
අනාගතයට ..
සැමදා සිනාසෙන්නට !!