Friday, August 16, 2013

එකම බලාපොරොත්තුව !!




ඔබ නිදන , තරු හා මා නොනිදන ;
රාත්‍රිය පුබුදාලු දහසක් සිතුවිලි ..
සිත විමසයි දහසක් දේ ..
නොදනී පිළිතුරු කෙසේ සොයන්නද  කොතැනක?
ඔබ නොදනිද ,  මා නොදන්නෙමි ..
සෑම වදනකම , බැල්මකම, ස්පර්ශයකම ,
සොයනුයේ පිළිතුරුයි, මාගේ විමසන මනසට ;
හෙට දවස බලාපොරොත්තුවක් පමණයි මට;
හුස්ම බිඳුවකට මග බලන ..
අවිනිශ්චිතයි හෙට දවස ; අවිනිශ්චිත ඔබ දිවිය පාමුල ..
වරෙක හද කිතිකවන , වරෙක හද හඬවනා  
ඔබ හෙටත් මගේ වේද ?
අපැහැදිලි මගේ දිවිය හඩනගයි හැම රැයම ..
නිමාවන හැම පැයම , ඇත්තේ එකම බලාපොරොත්තුවයි,
මගේ හදේ ඉකි ගසන කඳුළු බිඳු ;
දෙනයනින් වැටෙන්නට හේතුවක් නොවේවා ,
උදාවන හෙට දිනය ...

Saturday, August 10, 2013

Cry for love


Be proud that you are strong enough to get up, risk your feelings just to make someone feel special !