Friday, April 24, 2015

ඉඩ දෙන්න සඳුනි මට; ඔබෙ දිවිය දිදුලන්න!



දින දින ගෙවී ගිය ජීවිතය;
එලිය කල ඔබයි...නොදැනීම ලං උනා මා හදට;
ආදරය දැනෙනවා උදා වන හැම දිනම;
නොයනු මැන හිමියනී, අතැර මා මේ සසර..
ජීවිතය හරි දිගුයි; ගන්න මේ මගෙ දෑත;
පෙන්නන්න ඉඩ දෙන්න ලෝකයේ සැම තැනම;
අපේ දෑගිලි රඳවගෙන...
නිම නොවන සිහින ඇත මට මෙලොව ජයගන්න;
ඔබ දකින සිහින දැන්, ඇත මගෙම දෑත මත,
ලෝ දෙකක් නොව සදුනි, එක් ලොවක් වී දෙදෙන;
දකින්නේ එක සිහිනයයි ලොවක් ජයගන්න;
හැර දෙනෙත් බලනු මා දෙස; සිතත් හැර ඔබේ;
ගලන මේ කඳුලු පෙල, ඉකි ගසයි ඔබ නැතුව;
සිත පෙලෙන ඔබෙ දුකට; තිත තියන්නට මෙමට;
ඉඩ දෙන්න සඳුනි මට; ඔබෙ දිවිය දිදුලන්න!

No comments:

Post a Comment